මොගඩිෂු පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක්

Image caption පිපිරවීමෙන් පසු සන්නද්ධකරුවන් පොලිස් මුලස්ථානය තුල කඩා වැදුණු බවයි වාර්තා වන්නේ

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පොලිස් මුලස්ථානයට එල්ලවූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකුවත් මියගිය බව එරට ආරක්ෂක නිලධාරීහු පවසති.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ දෙකක් පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙත පදවාගෙන ආ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් සිදුකළ පිපිරීමෙන් අති විශාල ශබ්දයක් නිකුත්වූ අතර දුම්කඳක් අහස දෙසට විහිදෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.

පිපිරවීමෙන් පසු සන්නද්ධකරුවන් පොලිස් මුලස්ථානය තුළට කඩා වැදුණු අතර මෙම ප්‍රහාරයේ වගකීම අල් ශබාබ් සන්නද්ධ කණ්ඩායම විසින් භාරගෙන ඇත.

අල් ශබාබ් කණ්ඩායම විසින් දින කිහිපයකට පෙර මොගඩිෂු නගරයේ කළ මෝටර් රථ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් දහතුන් දෙනෙකු මරණයට පත්විය.

බීබීසී යෙන්