උදරයේ පිහිතල හතළිහක්

  • 2016 අගෝස්තු 23
The man, 42, swallowed the knives over a period of three months. Image copyright Corporate Hospital
Image caption ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු පස් දෙනෙකු සහභාගී වී ඇති අතර පිහිතල ඉවත් කිරීමට පැය පහක කාලයක් වැය වී තිබේ

පුද්ගලයකුගේ උදරය ශල්‍යකර්මයකට ලක් කොට පිහිතල හතළිහක් ඉවත් කළ බව උතුර ඉන්දියාවේ අම්රිට්සාර් නගරයේ වෛද්‍යවරු පවසති.

ශල්‍යකර්මයකට ලක් කෙරුණු හතළිස් දෙහැවිරිදි පුද්ගලයා මාස තුනකට වැඩි කාලයක පටන් පිහිතල ගිල ඇති බවයි වෛද්‍යවරු කියා සිටියේ.

උදරයේ දරුණු වේදනාවකින් පෙළෙමින් සිටි ඔහු මීට සති දෙකකට ඉහතදී තමා හමු වූ බව වෛද්‍ය ජතින්දර් මල්හෝත්‍රා බීබීසීයට පැවසීය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් වෛද්‍යවරු කියා සිටිති.

ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු පස් දෙනෙකු සහභාගී වී ඇති අතර පිහිතල ඉවත් කිරීමට පැය පහක කාලයක් ගත වී තිබේ.

Image copyright Corporate Hospital
Image caption උදරයේ තිබෙන පිහිතල දැක්වෙන 'CT ස්කෑන්' දර්ශන

පිහිතල ගිලීමට හේතු වූ කරුණ කුමක්දැයි යන්න සොයා ගැනීමට වෛද්‍යවරු උත්සාහ කරමින් සිටිති.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන බවක් පෙනෙන්නට ඇති බව වෛද්‍ය ජතින්දර් මල්හෝත්‍රා සඳහන් කළේය.

'ඔහු උපදේශන සේවා ලබා ගනිමින් ඉන්නවා. නැවත කිසිදිනක පිහියක් අතින් අල්ලන්නේ නැති බවට ඔහු පොරොන්දු වුනා. නමුත් ඔහුගේ පවුලේ උදවිය ඔහු පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි' වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී යෙන්