ගර්භාෂය කුළියට දීම ඉන්දියාවේ තහනම්

  • 2016 අගෝස්තු 25
In this Nov. 5, 2015 file photo, a couple from Britain hold their baby, born on Oct. 17 by a surrogate, in Anand, India Image copyright AP
Image caption ඉන්දියාව ගර්භාෂය කුලියට දීමේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ

වෙනත් ස්ත්‍රියකගේ දරුගැබක් සඳහා ගර්භාෂය කුලියට දීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට ඉන්දියාව සැරසෙයි.

පාර්ලිමේන්තුව මගින් අනුමත වුවහොත්, ඉන්දියානු විදේශ ගමන් බලපත් නැති අයට සහ තනිව වෙසෙන මවකට හෝ පියෙකුට (single parents) මෙන්ම සමලිංගික පුරුෂයන්ට ගර්භාෂය කුලියට දෙන කාන්තාවක් මගින් දරුවෙකු ලබා ගැනීම තහනම් වේ.

එහෙත් දරුවන් හැදීමේ 'සරුභාවය' නැති ස්ත්‍රී පුරුෂ දෙපළකට මෙම තහනම බල නොපාන නමුත් ගර්භාෂය ලබාදෙන තැනැත්තිය ඥාතිවරියක් වීම අනිවාර්‍ය වේ.

Image copyright AFP
Image caption දුපත්කම නිසා මෙසේ ගර්භාෂය කුලියට දීමට කාන්තාවන් පෙලම්බී ඇති බවයි විවේචකයන් පවසන්නේ.

ගැබ් ගැනීමේ නිසරුභාවය පිලිබඳ කටයුතු කරන කණ්ඩායම් පවසන්නේ යෝජිත නව නීතිය මගින් නීති විරෝධී ව්‍යාපාර ඇතිවිය හැකි බවයි.

ගර්භාෂය කුලියට දීම සම්බන්ධව සලකද්දී ඉන්දියාව ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අතර විදේශිකයන් ඇතුළුව ගැබ්ගැනීමේ නිසරුභාවය ඇති ස්ත්‍රී පුරුෂයන් ඉන්දියාවේ ඈත ප්‍රදේශවල කාන්තාවන්ට මුදල් ගෙවා තම දරුවන් උපදවා ගැනීමට හුරුවී සිටිති.

මෙම ව්‍යාපාරය මගින් ඉන්දියාව වසරකට පවුම් මිලියන 65 කට වැඩි අදායමක් ලබන නමුත් නීති විරෝධී ලෙස ජාවාරම් ක්‍රියාත්මක වීම පිළිබඳවද අවධානය යොමුවී තිබුණි.

බීබීසී යෙන්