එංගලන්තයේත් කළු වෑන් 'පැහැර ගැනීමක්'

  • 2016 අගෝස්තු 26
Bike Image copyright Surrey Police
Image caption පැහැරගත් ළමයාගේ යැයි සැලකෙන බයිසිකලයක් ද හමුවූ බවයි වාර්තාවන්නේ.

එංගලන්තයේ සරේ හිදී කළු පැහැති වෑන් රථයකින් පිරිමි ළමයෙකු පැහැරගෙන ගිය බවට වාර්තා වීමත් සමග පොලීසිය හෙලිකොප්ටරයක ආධාරයෙන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය.

වයස අවුරුදු හයක් හෝ හතක් පමණ බවට සැලකෙන පිරිමි ළමයෙකු බ්‍රහස්පතින්දා හවස රෙඩ් හිල් හිදී කළු පැහැති වොක්ස්වැගන් රථයක් තුළට බලහත්කාරයෙන් නංවාගත් බවටයි විශ්වාස කෙරෙන්නේ.

වෑන් රථයේ හිමිකරු කවුදැයි CCTV දර්ශන ආධාරයෙන් සොයාගනුලැබූ අතර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

Image copyright Surrey Police
Image caption CCTV දර්ශනයේ වෑන් රථය දර්ශනය වූ ආකාරය

ඉතාමත් ඉක්මනින් සහ බැරෑරුම් ලෙස සලකා මෙම සිදුවීම පිලිබඳ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවයි සරේ පොලීසිය පවසන්නේ.

ප්‍රදේශවාසියෙක් පවසන ආකාරයට බ්‍රහස්පතින්දා සවස 4:43 ට පමණ පිරිමි ළමයා වෑන් රථයකින් රැගෙන ගොස් ඇත.

පොලිස් පරීක්ෂක ක්‍රිස් එඩ්වර්ඩ් පැවසුවේ අඩි හතරක් පමණ උස ළමයා රතු ටී ෂර්ට් එකක් සහ නිල් පැහැති කලිසමක් ඇඳ සිටි බවයි. ළමයාගේ පැහැරගත්තේ යැයි සැලකෙන ස්ථානයේ තිබී බයිසිකලයක් හමුවී ඇති බවද වාර්තාවිය.