චීනයේ වීදුරු පාලම තාවකාලිකව වසා දැමෙයි

  • 2016 සැප්තැම්බර් 3
Image copyright AP

පසුගිය මාසයේ චීනයේ දී විවෘත කළ වීදුරු පතුලක් සහිතව නිමවා ඇති ලෝකයේ දිගම පාලම තාවකාලිකව වසා දමා ඇත.

ප්‍රමාණයට වඩා සංචාරකයන් පිරිසක් එක් වරක දී පාලම තරණය කිරීම එයට හේතුව බවයි බලධාරීන් පවසන්නේ.

එක් වතාවකදී අට සීයක් පමණ පිරිසක් මෙම මීටර හාර සියයකට වැඩි දිගින් යුත් පාලම තරණය කරති.

Image copyright AP
Image caption එහි ගමන් කරන්නන්ට වීදුරු පතුළ හේතුවෙන් බිය උපදවන බවයි පැවසෙන්නේ

හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහා මීටර 300 ක් ඉහලින් ඉදිකර ඇති මෙම පාලමේ සිට බලද්දී ජනප්‍රිය ඇමරිකානු චිත්‍රපටයක් වන 'අවතාර්' චිත්‍රපටයේ දැක්වෙන භූමි දර්ශණ වලට සමාන පරිසරයක් සිහිගන්වයි.

බලධාරීන් පවසන්නේ පාලම පිහිටි ප්‍රදේශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා සිකුරාදා පාලම වසා දැමූ බවයි.

එය නැවත විවෘත කරන දිනයක් සඳහන් කර නැත.

Image copyright AP
Image caption වීදුරුවල ශක්තිමත් භාවය ප්‍රදර්ශනය කිරීම මෝටර්රථයක් ඒ මත ධාවනය කළ අවස්තාව

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර