මාලදිවයිනේ පුවත්කතුවරිය ශ්‍රී ලංකාවට පලාගිහින්

  • 2016 සැප්තැම්බර් 8
Image copyright AP
Image caption හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමග සම්මුඛ සාකච්ඡාවක්ද අදාළ රුපවාහිනී වැඩසටහනෙහි අන්තර්ගතව තිබුණි.

අල්ජසීරා රූපවාහිනියේ විකාශනය වූ වාර්තාමය වැඩසටහනකින් පසු මාලදිවයිනේ පොලීසිය විසින් එරට මාධ්‍ය ආයතනයක් සෝදිසි මෙහෙයුමකට ලක් කරයි.

වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් සිදුකළ බවට කියැවෙන දුෂණ පිළිබඳවයි එම වාර්තා වැඩසටහන මගින් එළිදක්වා තිබුණේ.

මාලදිවයිනේ 'ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත් සංස්කාරිකා සහීනා රෂීඩ් ඇතුළුව රජයට විරුද්ධ දේශපාලන පක්ෂ වල ප්‍රමුඛයන් සමග සම්මුඛ සාකච්ඡා අදාළ රුපවාහිනී වැඩසටහනෙහි අන්තර්ගතව තිබුණි.

එම වැඩසටහන විකාශනය වීමට ප්‍රථම සහීනා ශ්‍රී ලංකාවට පලාගොස් සිටි බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුට එරෙහි චෝදනා වලට පදනමක් නැති බවයි.

කෙසේවුවද බදාදා මාලදිවයින් රජය විසින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ හිටපු උප ජනාධිපති මොහොමඩ් ජමීල් ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කරනු ලැබ තිබේ.

ඉහත කී වාර්තා වැඩසටහනේ ඔවුන් දෙදෙනාම සම්මුඛ සාකච්ඡා මගින් අදහස් දක්වන අතර දෙදෙනාම ජීවත්වන්නේ විදේශ රටවලයි.

බීබීසී යෙන්