වයඹ දිග ස්පාඤ්ඤයේ මාරාන්තික දුම්රිය අනතුරක්

  • 2016 සැප්තැම්බර් 9
Image copyright EPA

වයඹ දිග ස්පාඤ්ඤයේ 'ඕ පොරිනෝ' නගරයේ සිදු වූ දුම්රිය පීලි පැනීමේ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් තවත් හතළිස් නම දෙනෙකුට තුවාල සිදු වී තිබේ.

පෘතුගීසි දුම්රියක් අද උදෑසන 9.30 ට දුම්රිය නැවතුම්පොළක් ආසන්නයේ දී පීලි පැනීමට ලක් වන විට එහි මගීන් හැට දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වෙන්නේ.

පළමු මැදිරිය සම්පූර්ණයෙන්ම පීල්ලෙන් ඉවත් වී ඇති අතර දුම්රිය රියදුරු මිය ගියවුන් අතර සිටින බවයි පැවසෙන්නේ.

2013 වසරේ ජූලි මාසයේ ස්පාඤ්ඤය සිය ඉතිහාසයේ දරුණුම දුම්රිය අනතුරට මුහුණ දුන් අතර අධි වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක් පීලී පැනීමෙන් මගීන් හැත්තෑ නම දෙනෙකු මරුමුවට පත් වූ අතර එකසිය හැත්තෑවකට අධික පිරිසක් තුවාල ලැබූහ.

Image copyright EPA
Image copyright EPA