ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව ඇමරිකාව හා රුසියාව එකඟතාවයකට

  • 2016 සැප්තැම්බර් 10
Image copyright AFP
Image caption සවිස්තරාත්මක එකඟතාවයක කොටසක් ලෙසටයි මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සඳහා දෙපාර්ශ්වය එකඟ වූයේ.

සිරියාවේ සිටින ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ට එරෙහිව ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව හා රුසියාව එකඟ විය.

එම කලාපයේ පවතින ගැටුම් අවම කිරීමේ අරමුණින් ඉදිරිපත්වූ සවිස්තරාත්මක එකඟතාවයක කොටසක් ලෙසටයි මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සඳහා දෙපාර්ශ්වය එකඟ වූයේ.

සඳුදා ආරම්භ වීමට නියමිත රටපුරා බලපවත්වන සටන් විරාමය අවම වශයෙන් දින හතක්වත් රඳා පැවතුන හොත් දින දහයක් ඇතුළත ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසුවේ රුසියාවේ එකඟතාවය ලබා ගැනීම පහසු කාර්යයක් නොවූ අතර එය සිරියාවේ අනාගතය වෙනුවෙන් සෑම පාර්ශවයක් සමගම දේශපාලන සම්මුතියකට පැමිණීමට ඉඩ ලබා දෙනු ඇති බවයි.

මෙම සාකච්ඡාවල රුසියානු පාර්ශවකරුවා වූ සෙර්ගෙයි ලව්රොව් පැවසුවේ මෙම එකඟතාවයට අනුව කටයුතු කරන ලෙස මොස්කව් පාලනය දැනටමත් සිරියානු ජනාධිපති අල් අශාද්ගෙන් ඉල්ලා ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර