වැසිකිළියටත් විනිවිද පෙනෙන බිත්ති

  • 2016 සැප්තැම්බර් 30
Man sits on toilet, behind lightly frosted glass door, looking out at the forest outside. Changsha, China, 29 September 2016. Image copyright Barcroft
Image caption කැලෑවෙන් වටවුණු වැසිකිලියේ සිටින්නා බිත්ති තුලින් පිටත පරිසරය නරඹද්දී පිටත සිටින්නන්ට වැසිකිලිය නැරඹීමේ හැකියාව ලබා දී තිබේ

වීදුරු පාලම් තනමින් සංචාරකයන් ඇදගැනීමට කටයුතු කළ චීනය දැන් අති විශාල ගස් මත විනිවිද පෙනෙන බිත්ති සහිත වැසිකිළි තනා සංචාරකයන් ගේ ආකර්ෂණය අපේක්ෂා කරයි.

චීනයේ දකුණු හුනාන් පළාතේ ෂියාන් වැව අසල තනා ඇති වීදුරු බිත්ති සහිත වැසිකිළි හේතුවෙන් කැලෑබද පරිසරය නරඹන අතරම තවෙකෙකු වැසිකිළිය භාවිතා කරන ආකාරය නැරඹීමේ හැකියාවද ලැබී තිබේ.

Image copyright Barcroft Images
Image caption කැසිකිළි අංශය භාවිතාකරන්නන්ද පෞද්ගලිකත්වය පිලිබඳ සීමා අමතක කර තම අවශ්‍යතා සපුරාගත්හ

වීදුරු පෙට්ටි ලෙස තනා ඇති මේවායේ ගැහැණු සහ පිරිමි සඳහා වෙනකොට තනා ඇති වැසිකිළි එකිනෙකට යාබදව තනා ඇති අතර ඒවා තුළ සිටින්නන් ඉතා සුළු වශයෙන් බොඳ වී පෙනෙන වීදුරු බිත්ති සඳහා යොදාගෙන ඇත.

ඒවා විවෘත කළ දවසේ ඉතා සුළු පිරිසක් පමණක් එම වැසිකිළි භාවිතා කිරීමට තරම් නිර්භීත වූ බවයි රජයේ මාධ්‍ය පවසන්නේ.

Image copyright Barcroft
Image caption මෙම ස්ථාන පිරිසිදු කරන්නන්ටත් නිර්භීත හිතක් අවශ්‍යය

මෑත කාලයේ දර්ශනීය ස්ථාන වල වීදුරු යොදාගෙන කරන ගොඩ නැන්වීම් චීනයේ ජනප්‍රිය අංගයක් බවට පත්වී ඇති අතර එම ජනප්‍රියතාවය නිසාම ඇතැම් ස්ථාන වසා දැමීමට පවා සිදුවිය.

එහෙත් චීනයේ වීදුරු වැසිකිළි නිර්මාණය වී ඇත්තේ ප්‍රථම වතාවටයි.

Image copyright Barcroft
Image caption ගැහැණු සහ පිරිමි සඳහා වෙන්කළ වැසිකිළි පවතින්නේ යාබදවයි

දැන් මේ සැමට නැරඹිය හැකි වැසිකිළි අනතර්ජාලය තුළ විශාල ආන්දෝලනයක් ඇතිකොට තිබේ.

රාජ්‍ය රුපවාහිනියේ ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ එජිකේ නාදී පවසන්නේ තමා එය ප්‍රතික්ෂේප කරන බවයි.

Image copyright Barcroft
Image caption මෙම වැසිකිළි අභ්‍යන්තරය ඉතා හොඳින් ආලෝකමත්ව පවතී

කෙසේවුවද ඇතැමෙක් මෙය විවේචනය කළේ මුදල් නාස්තියක් බව පවසමින්

Image copyright Getty Images
Image caption මේ අසාමාන්‍ය වීදුරු ගොඩනැංවීම් ඡායාරුප ගැනීම සඳහා කදිම ස්ථාන බවට පත්වී ඇත

අසාමාන්‍ය දෙයක් වුනත් මේ වැසිකිළි හේතුවෙන් සංචාරකයන් චංග්ෂා පළාතට පැමිණීමට පෙළෙඹෙනු ඇති අතර එසේ පැමිණෙන්නට අවට පරිසරය මනා ලෙස නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර