තුර්කි පොලීසියේ තුන්දහසකගේ වැඩ තහනම් කෙරෙයි

  • 2016 ඔක්තෝබර් 4
Image caption අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් අතරින් දෙදහස් පන්සියයකට වැඩි දෙනා පොලිස් ප්‍රධානීන් බවයි වාර්තාවන්නේ.

ඇමරිකාවේ වෙසෙන මුස්ලිම් පූජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා ලැබූ තුන් දහසකට ආසන්න තුර්කි පොලිස් නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කෙරෙයි.

එම සංඛ්‍යාව අතරින් දෙදහස් පන්සියයකට වැඩි දෙනා පොලිස් ප්‍රධානීන් බවයි වාර්තාවන්නේ.

Image copyright AFP
Image caption ඇමරිකාවේ පදිංචි පූජක ෆෙතුල්ලා ගුලෙන්

එසේවුවද හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින බවට පූජක ගුලෙන් ට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු දස දහස් ගණන් රජයේ සේවකයන් රැකියාවෙන් නෙරපා දමා ඇති අතර තිස් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර