'සහෝදරත්වයේ' නායකයෙක් ඊජිප්තුවේ දී මරා දැමෙයි

  • 2016 ඔක්තෝබර් 4
Armed Egyptian soldier in silhouette, 2011 Image copyright Reuters
Image caption කමල් 'මුස්ලිම් සහෝදරත්වය' සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බවයි අමාත්‍යාංශය පවසන්නේ

'මුස්ලිම් සහෝදරත්වය' සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකු ඊජිප්තු සවදේශ කටයුතු අමාත්‍යංශ හමුදාව විසින් මරා දමනු ලැබූ බව එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය විසින් කළ ප්‍රකාශනයක සඳහන් වන්නේ මොහොමඩ් කමල් සහ ඔහුගේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු සඳුදා හමුදාව සමග පැවති ගැටුමක දී මිය ගිය බවයි.

'මුස්ලිම් සහෝදරත්වය' සංවිධානය සාමකාමී සංවිධානයක් ලෙස පැවතුනද කමල් එම සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කමල් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අයෙකු වන අතර මුස්ලිම් සහෝදරත්වය සංවිධානය පවසන්නේ සඳුදා සිට ඔහු ආගිය අතක් නැති බවයි.

බීබීසී යෙන්