බණට බාධා කළ ඕලන්ද ජාතිකයාට සිර දඬුවම්

  • 2016 ඔක්තෝබර් 6
Image caption බුදුන් පුදන මියන්මාර් භික්‍ෂුවක්

මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ද විකාශන යන්ත්‍රයක් විසන්ධි කරන ලද බවට චෝදනා ලද ඕලන්ද ජාතිකයෙක් බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.

බෞද්ධාගමට අවමන් කිරීමේ චෝදනා වලට ඕලන්ද ජාතිකයා වැරදි කරු වන බවයි මියන්මාර් අධිකරණයේ තීන්දුව වුණේ.

රාත්‍රී කාලයේ විකාශය වූ මෙම ධර්ම දේශනය නිසා සිය නින්දට බාධා වූ හෙයින් ශබ්ද විකාශන යන්ත්‍රය විසන්ධි කරන ලද බවයි ලන්දේසි ජාතිකයා අධිකරණයට කියා සිටියේ.

එහෙත් ආගමට අවමන් කිරීමේ චෝදනා වලට ඔහු වරදකරු වන හෙයින් ඊට දඬුවම් වශයෙන් මාස තුනක සිර දඬුවමක් නියම කරන බව අධිකරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ චූදිතයා හඬා වැටුණු බවයි පැවසෙන්නේ.

මියන්මාරයේ බෞද්ධ උත්සව සම්බන්ධයෙන් මෑතක සිට බල පැවැත්වෙන ඉතා තද නීති රීති විදේශිකයන්ගේ නොසතුටට හේතු වී තිබේ.