යේමන ප්‍රහාරය ගැන සෞදියට චෝදනා

  • 2016 ඔක්තෝබර් 9
Image copyright AFP
Image caption ඇමරිකාව සමග එක්ව විවෘත පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ

යේමනයේ අවමංගල්‍ය උත්සවයකට ගුවන් ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයන් 140 ට වැඩි ප්‍රමාණයක් මරා දමා තවත් සියගණනකට වැඩි පිරිසකට තුවාල සිදු කිරීම පිළිබඳව ඇමරිකාව සෞදි අරාබියට චෝදනා කළේය.

වොෂින්ටනය පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව සොයා බලා සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයට ලබා දෙන සහය තවත් අඩු කිරීමට කටයුතු කරන බවයි.

සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් යේමන රජය සමග සන්ධාන ගතව සිටින්නේ හූති කැරලිකරුවන්ට එරෙහිව ගෙනයන යුද්ධයට සහය දීම සඳහායි.

මේ අතර මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව ඇමරිකාව සමග එක්ව විවෘත පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ බව සෞදි අරාබිය ප්‍රකාශ කර ඇත.

යේමනයේ එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු පිලිබඳ සම්බන්ධීකාරක ජේමි මැක්ගොල්ඩ්රික් පැවසුවේ දහස් ගණනක පිරිසක් අවමංගල්‍ය උත්සවයක් පවත්වමින් සිටි ශාලාවට එල්ල කළ ප්‍රහාරයෙන් සහනාධාර සේවකයන් දැඩි කෝපයට පත්වී සිටින බවයි.

බීබීසී යෙන්