ඩෙකොටා ප්‍රාන්ත 'ශුද්ධවූ භූමියේ' විරෝධතාවක්

  • 2016 ඔක්තෝබර් 28
Image caption තෙල් නල මාර්ගය වැටී ඇත්තේ ඇමරිකාවේ මුල් පදිංචිකරුවන් ගේ 'ශුද්ධවූ භූමියක්' හරහා බවයි පැවසෙන්නේ

අමෙරිකාවේ උතුරු ඩෙකොටා ප්‍රාන්ත පොලීසිය විසින් අමෙරිකාවේ මුල් පදිංචිකරුවන්ට අයත් උද්ඝෝෂකයින් එකසිය විසිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

පරිසරය සුරැකීමේ නියුතු ක්‍රියාධරයන් ද ඇතුළු එම පිරිස අත්අඩංගුවට ගැනුණේ උද්ඝෝෂණය ගැටුම් තත්ත්වයක් දක්වා වර්ධනය වීම හේතුවෙනි.

මතභේදයට තුඩුදී ඇති නව තෙල් නල මාර්ගයක ඇති පෞද්ගලික භූමි ප්‍රදේශයක් අත්පත් කරගත් සියගණනක් වූ පිරිස අතර ඔවුන් සිටි බව වාර්තා වේ.

පොලීසිය ගින්දර සහිත මාර්ග බාධක ඉදිරියට තල්ලුකරමින්, කඳුළු වායුව මුදාහරිමින් හා රබර් උණ්ඩ යොදාගනිමින් විරෝධතාකරුවන් ඉවත්කිරීමට කටයුතු කළේය.

'සියෝක්ස් නේෂන්' (Sioux nation) කණ්ඩායමේ සාමාජිකයන් පවසන්නේ තෙල් නල මාර්ගය හේතුවෙන් 'ශුද්ධවූ භූමිය' කෙලෙසන අතර ජල උල්පත්වලට හානි සිදුවිය හැකි බවය.

කිලෝමීටර එක්දහස් නවසියයක් පමණ දුරට දිවෙන ඩෙකොටා නල මාර්ගය මගින් ගල්ෆ් තීරයේ තෙල් පිරිපහදු වෙත තෙල් රැගෙන යන බව ද සඳහන්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්