තුර්කියේ නගරයක බෝම්බ පිපිරීමක්

  • 2016 නොවැම්බර් 4
Image copyright AP/REU
Image caption HDP නායකයන් වන සලාහටින් දෙමිර්ටාස් සහ ෆියෙන් යුක්සේක්දා ගේ නිවෙස් තුළ සෝදිසි මෙහෙයුම් කළ බවයි වාර්තාවන්නේ

කුර්දි හිතවාදී HDP පක්ෂයේ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙකු තුර්කි බලධාරීන්ගේ රැඳවුම් භාරයට ගැනීමෙන් පසු ගිණිකොණදිග තුර්කියේ දියාර්බකීර් නගරයේ අධිබල බෝම්බ පිපිරීමක් සිදුවී තිබේ.

පොලිස් නිලධාරීන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද මේ පිපිරීමෙන් තුවාල ලබා ඇති බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවද කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවක් මියගියේදැයි පවසා නැත.

ප්‍රාදේශීය බලධාරීන් විශ්වාස කරන්නේ මෙම පිපිරීම කුර්දි කැරලිකාර PKK කණ්ඩායම විසින් පුපුරුවා හළ මෝටර්රථ බෝම්බයක් හේතුවෙන් සිදුවූ බවය.

රාත්‍රියපුරා පොලීසිය විසින් HDP නායකයන් වන සලාහටින් දෙමිර්ටාස් සහ ෆියෙන් යුක්සේක්දා ගේ නිවෙස් තුළ සෝදිසි මෙහෙයුම් කළ බව වාර්තාවේ.

HDP පක්ෂය PKK සමග සම්බන්ධතා පවත්වන බවට තුර්කි බලධාරීන් මීට පෙර චෝදනා කළද HDP පක්ෂය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර