දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවලින් ක්‍රීඩකයා නිදහස්

  • 2016 නොවැම්බර් 6
Image copyright AFP
Image caption දැරිය සොයා ගැනීමට පෙර පොලිසිය වෙත පැමිණි හොසේන් යුවල සිය මෙහෙකාරිය අතුරුදහන් වී ඇති බවට පැමිණිලි කොට තිබේ

එකොළොස් වියැති ළමා මෙහෙකාරියට ශාරීරික වධ හිංසා කළ බවට එල්ල වූ චෝදනාවලට බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් වැරදිකරු නොවන බව එරට අධිකරණය තීරණය කළේය.

ඩකා නුවර අධිකරණයක් විසින් ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් සහ ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කරන ලද්දේ චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත්වී ඇති බව පවසමිනි.

එකොළොස් හැවිරිදි මෙහෙකාර දැරිය තුවාල ලබා සිටි අතර චෝදනා ලත් ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට පත් විය.

බිඳුණු පාදයක්

බිඳුණු පාදයක් ඇතිව තුවාල ලබා සිටි දැරිය මහ මඟ සිටියදී හමු වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ මසක පමණ කාලයක් පොලිසිය මඟ හරිමින් අතුරුදහන් වී සිටියහ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට ක්‍රීඩා තහනමක් පැනවූ නමුත් පසුව දේශීය තරග සඳහා ක්‍රීඩා කිරීමට අවසරය ලබා දුන්නේය.

බීබීසී යෙන්