ඇමරිකානු ජනපතිවරණය: ප්‍රචාරක රැළි අවසන්

  • 2016 නොවැම්බර් 8
Image caption නැගෙනහිර වෙරළතීරයේ ඡන්ද මධ්‍යස්ථාන ඡන්දදායකයන් සඳහා විවෘතවීමට සූදානමින් පවතින බවයි වාර්තාවන්නේ

2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක කටයුතු නිමාවට පත්විය.

ඡන්ද විමසීම පැවැත්වෙන අද (08) උදෑසන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තම අවසන් ප්‍රචාරක රැළිවලට සහභාගීවූහ.

මිචිගන්හි දී ඩොනල්ඩ් ට්‍රම්ප් තම අධාරකරුවන්ට පැවසුවේ ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන දේශපාලන වෙනසක් රැගෙන එන අතර ඇමරිකානු රජය තුළ අවංකභාවය ප්‍රතිෂ්ඨාපනය කරන බවය.

සමීක්‍ෂණ වාර්තා අනුව සුලු ප්‍රතිශතයකින් දැනට තරගයේ ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් පැවසුවේ ඇමරිකාව තැනිය යුතුවන්නේ 'පාලම්' මිස 'තාප්ප' නොවන බවය.

ඇය එසේ පැවසුවේ මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් බැඳීමේ සැළසුමක් පිළිබඳව ට්‍රම්ප් කළ ප්‍රකාශකයට පිළිතුරු වශයෙනි.

නැගෙනහිර වෙරළතීරයේ ඡන්ද මධ්‍යස්ථාන ඡන්දදායකයන් සඳහා විවෘතවීමට සූදානමින් පවතින බව වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර