ඇමරිකාවේ අනාගත ජනපතිගෙන් දකුණු කොරියාවට ප්‍රතිඥාවක්

  • 2016 නොවැම්බර් 10
Image copyright Getty Images

දකුණු කොරියාව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරනබව ඇමරිකානු ජනාධිපති පදවියට තේරීපත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිනී පාක් ගුන් හෙයි හට පවසා තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිනියගේ කාර්යාලය පැවසුවේ පවතින මිතුදම දිගටම පවත්වාගෙන යාමට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන් බවය.

පසුගිය මාර්තු මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ දකුණු කොරියාවේ සිටින දස දහස්ගණනක ඇමරිකානු හමුදා කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් මුදල් යෙදවීමට සෝල් පාලනය කටයුතු නොකරන්නේ නම් ඔවුන් ඉවත්කරගන්නා බවය.

මේ අතර උතුරු කොරියාව න්‍යෂ්ඨික බලය හිමි රටක් බව ඇමරිකාව පිළිගතයුතුව ඇතැයි උතුරු කොරියානු ජාතික පුවත්පතක කතුවැකිය මගින් මතුකොට දක්වා තිබුණි.

උතුරුකොරියාව න්‍යෂ්ඨික වැඩසටහන් අත්හැරීම වොෂින්ටනය දකින යල් පැනගිය සිහිනයක් බව එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.

තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සාකච්ඡා සඳහා ඇමරිකාවට පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට සූදානම් බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර