බග්රාම් ඇමරිකානු යුද කඳවුරට තාලිබාන් ප්‍රහාරයක්

  • 2016 නොවැම්බර් 12
A file photograph showing Afghan security officials securing the scene of a truck bomb blast that targeted a guest house where foreign contractors are reportedly staying, after the Taliban attacked the compound on the outskirts of Kabul, Afghanistan, 01 August 2016. Image copyright EPA

ඇෆ්ගනිස්ථානයේ බග්රාම් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු යුද හමුදාවට අයත් විශාලතම කඳවුරට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පුපුරන ද්‍රව්‍ය සහිත උපකරණයක් පුපුරා යෑම හේතුවෙන් සිව් දෙනකු මරුමුවට පත් වී තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇති බව නේටෝ හමුදා පවසයි.

සේවකයකු ලෙස පෙනී සිටිමින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇති බවට බලධාරීහු සැක පහළ කරති.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වැඩ ආරම්භ කිරීම සඳහා හමුදා කඳවුර වෙත සේවකයන් පැමිණෙමින් සිටි බවත් බලධාරීහු පවසති.

ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව තාලිබාන් සංවිධානය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර