පකිස්තානයෙන් පිටමං කෙරෙන ඇෆ්ගන් මියැසිය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පකිස්තානයෙන් පිටමං කෙරෙන ඇෆ්ගන් මියැසිය

  • 2016 නොවැම්බර් 14

වසර හතළිහකට වැඩි කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පකිස්තානයට පලා ගිය සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂ විස්සකට වැඩි බව එක්සත්ජාතීන්ගේ වාර්තා අනුව දැක්වේ.

එසේම පකිස්ථානය තුළ වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයන් ලෝකයේ විශාලතම සරණාගත ප්‍රජාවන්ගෙන් එකක් ලෙසට සැලකෙන බවද එම සංවිධානය පවසයි.

ඇතැම් ඇෆ්ගන් සරණාගතයන් ඉපදී හැදී වැඩී ඇත්තේද පකිස්තානය තුළ වන අතර විවිධ වෘත්තීන්හි නිරතවෙමින් තම දරු පවුල් සමග ඔවුන් මේ දක්වා ජීවත්වූයේද පකිස්තානයේය.

එහෙත් පකිස්තාන රජය ගත් තීරණයකට අනුව 2016 දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට පකිස්තානය හැර යාමට සිදුවී තිබේ.

එසේ පකිස්තානය හැර යාමට සිදුව ඇති ඇෆ්ගනිස්තාන සංගීතඥයන් පිලිබඳ වාර්තාවකට ඉහත හඬ පටයෙන් සවන්දිය හැකිය.