බීබීසී ලෝක සේවයට තවත් භාෂා එකොළහක්

  • 2016 නොවැම්බර් 16
Image caption ලන්ඩනයේ බීබීසී මුලස්ථානය - බීබීසී සිංහල සේවය පිහිටා ඇත්තේ මෙහි පස්වැනි මහලේ

බීබීසී ලෝක සේවය මගින් දැනට විකාශනය කෙරෙන විදේශීය සේවාවන්ට තවත් භාෂා එකොළහක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

1940 දශකයෙන් පසුව බීබීසී ලෝක සේවයේ වැඩසටහන් මෙතරම් පුළුල් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

බීබීසීය මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය රජයෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදන ඉහල දැමූ බව පසුගිය වසරේ නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

'ඓතිහාසික දිනයක්'

මේ අනුව ගුජරාටි, මරාති, කොරියානු, පන්ජාබි, තෙලිඟු ආදී භාෂා ඇතුළත් නව සේවාවන් එකොළහක් ආරම්භ වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ දියත් කෙරෙන ප්‍රථම නව විදෙස් භාෂා සේවාව 2017 වසරේ දී විකාශනය වීමට නියමිතය.

නව සැලසුම් නිවේදනය කරමින් බීබීසී අධ්‍යක්‍ෂ ජනරාල් ටෝනි හෝල් කියා සිටියේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයට අද (නොවැ. 16) 'ඓතිහාසික දිනයක්' වනු ඇති බවය.

බීබීසී යෙන්