කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

  • 2016 නොවැම්බර් 21
Image copyright Reuters

කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක දී මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු බෝම්බයක් පුපුරුවා හැර ඇති බව ඇෆ්ගනිස්තාන පොලිසිය පවසයි.

මේවන විට ප්‍රහාරයෙන් විසි හත් දෙනෙකු මිය ගොස් ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට ඔවුහු සැක පළ කරති.

තාලිබාන් සංවිධානයේ ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයට සිය සංවිධානයේ සම්බන්ධතාවක් නොමැති බව ප්‍රකාශ කළේය.

මින් පෙර කාබුල් අගනුවරට එල්ල වූ මෙවන් මරාගෙන මැරෙන ප්‍රහාර ප්‍රහාර කීපයකම වගකීම භාර ගෙන ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසිනි.

ප්‍රහාරයට ලක්වන විට යාඥා මෙහෙයට පැමිණි සිටි බැතිමතුන්ගෙන් පිරී පැවති ෂියා මුස්ලිම් පල්ලිය නගරයේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබේ.