තුර්කියේ තවත් පහළොස් දහසක් සේවයෙන් ඉවතට

  • 2016 නොවැම්බර් 22
Image caption ජනාධිපති එර්දොවාන් කාන්තා පොලිස් නිලධාරිනියක් හමුවූ මොහොතක්

තුර්කි රජය හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු තවත් පහළොස් දහසක් සේවයෙන් පහ කොට ඇත.

පසුගිය ජුලි මාසයේ ඇතිවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව රැකියාවලින් පහ කරන ලද පිරිසට මොවුන්ද අයත් වේ.

මේ අතර තවත් මාධ්‍ය ආයතන නවයක් පුණ්‍ය ආයතන දහඅටක් සහ පන්සියයකට අධික වෙනත් ආයතන තුර්කි රජය විසින් වසා දමනු ලැබ තිබේ.

හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ බවට තුර්කි ජනාධිපති රෙචීප් තයියප් එර්දොවාන්ගේ චෝදනාවට ලක්වූ පූජකවරයෙකුවන ෆෙතුල්ලා ගුලෙන්ගේ ආධාරකරුවන් බවට සැකකෙරෙන දස දහස් ගණනක් දෙනා පසුගිය මාස තුනක කාලය තුළ සේවයෙන් පහ කොට ඇති බවද වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර