හෘදයාබාධයකින් අනතුරුව ජයලලිතාගේ තත්වය 'අසාධ්‍යයි'

  • 2016 දෙසැම්බර් 5
There are fears that her supporters could resort to violence and self harm if her situation worsens Image copyright AFP
Image caption ජයලලිතාගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියා සහ සිය දිවි නසාගැනීමට පෙළඹෙනු ඇති බිය පළවෙමින් තිබේ

ඉරිදා රාත්‍රියේ හෘදයාබාධයකට ගොදුරු වූ ඉන්දියාවේ ජනප්‍රියම සහ බලවත්ම දේශපාලන නායිකාවක වන ජෙයරාම් ජයලලිතා තවමත් අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීහු පවසති.

දහස් ගණන් ආධාරකරුවෝ රෝහල ඉදිරිපසට රැස්ව ඇයට ඉක්මන් සුවය පතමින් සිටිති.

මාස ගණනක් මුළුල්ලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩුවේ මහ ඇමතිවරිය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

හිටපු ජනප්‍රිය සිනමා නිළියක වන ඇය සිව් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමති පදවිය හෙබැවූ අතර, ප්‍රාන්තයේ බොහෝ දෙනා ඇය දේවත්වයෙන් පුදති.

Image copyright Imran Qureshi
Image caption ජයලලිතා ප්‍රතිකාර ලබන රෝහල අවට පොලිස් මුරකාවල් දැඩි කර තිබේ

එබැවින් ඇයගේ සෞඛ්‍ය තත්වය තවදුරටත් අසාධ්‍ය වුවහොත් එය ප්‍රාන්තයේ දේශපාලන අස්ථාවරභාවයකට තුඩු දෙනු ඇතැයි බිය පළවෙමින් පවතී.

ඇයගේ නිල නිවාසය අවට සහ තමිල්නාඩුව පුරාම පොලිසිය සීරුවෙන් තබා තිබෙන අතර, මහ ඇමැතිනියට ඉක්මන් සුවය පතා දෙවියන්ට කන්නලවු කරන්නැයි රෝහල් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානය පළකරමින් ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇතුළු නායකයෝ පණිවුඩ නිකුත් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර