මූන් ජනාධිපති වීම 'මෝඩ හීනයක්' - උතුරු කොරියාව

  • 2016 දෙසැම්බර් 23
Image copyright Reuters
Image caption බැන්කි මූන් ජනාධිපති පදවිය ගැන බලාපොරොත්තු තැබීම "මෝඩ හීනයක්" බවයි උතුරු කොරියාව පවසන්නේ.

එක්සත්ජාතීන්ගේ මහලේකම් පදවියෙන් විශ්‍රාම යාමෙන් පසු දකුණු කොරියාවේ ජනාධිපති පදවිය සඳහා ඉදිරිපත්වන බවට බැන්කි මූන් කළ ඉඟි කිරීම උතුරු කොරියාවේ සමච්චලයට ලක්වෙයි.

බැන්කි මූන් ජනාධිපති පදවියට තරඟ කරන බව තවමත් ප්‍රකාශයට පත්කොට නැතිනමුත් එසේ තරඟ නොකරන බවද පවසා නැත.

උතුරු කොරියාවේ රජයට සම්බන්ධ වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ මූන් ජනාධිපති පදවිය ගැන බලාපොරොත්තු තැබීම " අසාමාන්‍ය හිස් බවක් සහිත මෝඩ හීනයක්" බවය.

එසේම එම වෙබ් අඩවිය එක්සත්ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් හඳුන්වන්නේ "සියළුම චෝදනා මැද ලැජ්ජාවකින් තොරව ජීවත්වන්නකු" ලෙසටය.

වංචා සහ දුෂණ චෝදනා ලබා සිටින වර්තමාන ජනාධිපතිනී පාර්ක් ගුණ හේට එරෙහිව මේ මස මුලදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කරනු ලැබීය.

ඉදිරියේදී දකුණු කොරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු පළකෙරෙන්නේ එබැවිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර