බර්ලින් ප්‍රහාරයේ සැකකරු 'මිලාන් නගරයේදී මරා දැමුවා'

  • 2016 දෙසැම්බර් 23
IS released a video showing Amri pledging allegiance Image copyright AFP
Image caption අනීස් අම්රි සිය සංවිධානයට පක්ෂපාතිත්වය දක්වන බවට ප්‍රතිඥා දෙන වීඩියෝවක් අයිඑස් සංවිධානය නිකුත් කර තිබේ

පසුගිය සඳුදා රාත්‍රියේ බර්ලින් නගරයේ කඩවීදියකට ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරු අනීස් අම්රි මිලාන් නගරයේදී පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.

සිකුරාදා උදෑසන මිලාන් නගරයේ සෙස්තෝ සන් ජියෝවානි ප්‍රදේශයේදී පොලිසිය ඔහුගෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පොලිසියට වෙඩි තැබූ බව පවසන අමාත්‍ය මාර්කෝ මිනිති, වෙඩි තබා මරා දමනු ලැබුවේ අනීස් අම්රි බවට 'අංශුමාත්‍රයක හෝ සැකයක් නොමැති' බවත් සඳහන් කළේය.

සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.

Image copyright AP
Image caption සැකකරුට වෙඩි තබා මරා දැමූ ස්ථානය

12 දෙනකු මරා දමමින් සහ 49 දෙනකුට තුවාල සිදුකරමින් කඩවීදියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ජර්මනියේ පොලිසිය සීරුවෙන් තබා තිබිණ.

ටියුනීසියානු ජාතික සැකකරු, අනීස් අම්රි ගේ ඇඟිලි සලකුණු ට්‍රක් රථයේ තිබී සොයාගන්නා ලද බව ජර්මනියේ පොලිසිය තහවුරු කළේය.

ඉතාලියේ අන්සා පුවත් සේවය වාර්තා කරන පරිදි, ප්‍රංශයේ සිට ටියුරින් නුවර දක්වා දුම්රිය ගමන් කර තිබෙන අනීස් අම්රි, ඉන් අනතුරුව වෙනත් දුම්රියකින් මිලාන් නගරයට පැමිණ තිබේ.

මේ අතර තවත් ප්‍රහාරයක් සැලසුම් කිරීමේ සැකය පිට ජරමනියේ ඔබර්හවුසන් නගරයේදී දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Image copyright Google

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර