රුසියානු ගුවන් යානයක් කළු මුහුදට කඩා වැටෙයි

  • 2016 දෙසැම්බර් 25
An archive picture of a Russian Tu-154 plane escorted by Russian Su-34 bombers Image copyright AFP
Image caption ප්‍රහාරක ජෙට් යානා දෙකක් මැදි කර ගනිමින් පියාසර කරන හමුදා ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා 'Tupolev-154' වර්ගයේ ගුවන් යානයක්

පුද්ගලයන් අනූ දෙදෙනෙකු රැගෙන සිරියාව බලා පියාසර කරමින් සිටි රුසියානු හමුදා ගුවන් යානයක් කළු මුහුදට කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ සෝචි ගුවන් තොටුපළෙන් පිටත්වී මිනිත්තු දෙකකට පසු යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී ඇති බවය.

සෝචි වෙරළ තීරයට කිලෝමීටර එක හමාරක් පමණ නුදුරු මුහුදේ තිබී යානයේ බඳ කොටස් සහ මෘත ශරීරයක් හමු වූ බවත් රුසියානු බලධාරීහු කියා සිටියහ.

අනතුරට පත් යානයේ ගමන් ගත් පිරිසෙන් හැට හතර දෙනෙක් හමුදා තූර්යවාදන කණ්ඩායමක සාමාජිකයෝ වෙති.

හමුදා නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් නව දෙනෙක් සෙසු පිරිස අතර වෙති.

අනතුරට පත් 'Tupolev-154' වර්ගයේ යානය සිරියාවේ ලටාකියා නගරය ආසන්නයේ පිහිටි රුසියානු ගුවන් හමුදා කඳවුර වෙත පියාසර කරමින් තිබිණි.

එහි ගමන් ගත් හමුදා තූර්යවාදන කණ්ඩායම එළඹෙන නව වසර වෙනුවෙන් සංවිධානය කෙරුණු සංදර්ශනයකට සහභාගීවීමට නියමිතව සිටියහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්