සේයා රූ: අසිරිමත් නත්තල් උදාව

  • 2016 දෙසැම්බර් 25

ලොව පුරා කිතුනු බැතිමතුන් අසිරිමත් නත්තල සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක්.

Image copyright EPA
Image caption ජේසු බිලිඳාගේ උපත සිදුවූ බෙත්ලෙහෙමට අසිරිමත් නත්තල උදාවෙද්දී මධ්‍යම රාත්‍රී විශේෂ දේවමෙහෙය
Image copyright Reuters
Image caption අයර්ලන්ත ජාතික ගෙමා වූඩ්ස් නත්තල් නිවාඩුව ගත කිරීමට ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට. වෙරළේ සිටියත් නත්තල සමරන්නට ඇය පසුබටවී නැහැ
Image copyright Reuters
Image caption ඇතැමුන් ශීත සෘතුවේ නත්තල සමරද්දී සිඩ්නි නුවර බොන්ඩි වෙරළට සංචාරකයන් රැස්වුනේ ඉරු රශ්මියෙන් අඩුවක් නැති නිසා
Image copyright EPA
Image caption තායිවානයේ කිතුනු දේව මෙහෙයකට ෆ්රාන්සිස් පාප් වහන්සේගේ අනුරුවක් ද එක්වී තිබුණා
Image copyright AFP/Getty
Image caption ඉටි පහන් අතැතිව මැදියම් රාත්‍රියේ දේව මෙහෙය සඳහා රැස්ව සිටි ඉන්දුනීසියාවේ සුරබයා ප්‍රදේශයේ බැතිමතුන්
Image copyright EPA
Image caption ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා දියත් වූ අසාර්ථක කුමන්ත්‍රණයකට ඉලක්ක වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශාන්ත පාවුළු දේවස්ථානය ද බැතිමතුන්ගෙන් පිරී තිබුණා
Image copyright EPA
Image caption නත්තල් කඩ වීදියකට එල්ලවූ ට්‍රක් රථ ප්‍රහාරයෙන් දින කීපයකට උදා වූ නත්තලේදී ජර්මනියේ කොලෝන්ග් නුවර දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වුනේ දැඩි රැකවල් මැද
Image copyright Reuters
Image caption වතිකානයේ පැවති දේව මෙහෙය අතරතුර අතිඋතුම් ෆ්රාන්සිස් පාප් වහන්සේ ජේසු බිලිඳාගේ ප්‍රතිමාව සිප ගනිමින්
Image copyright AFP/Getty
Image caption කොළඹ පැවති දේව මෙහෙයක් අතරතුර ශ්‍රී ලාංකික කාන්තාවක් ශුද්ධ වූ සත්ප්‍රසාදය ලබන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ලෝක මාධ්‍යයට එක්වී තිබුණා