සංහිඳියාව සඳහා කවියෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සහජීවනය නොමැතිව සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නෑ'

  • 2016 දෙසැම්බර් 26

සාහිත්‍ය දියුණුව සඳහා සහජීවනය අත්‍යවශ්‍යවන අතර සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව සඳහන් කළේ පසුගියදා කොළඹදී පැවති 'සහජීවනය උදෙසා කවියෝ' ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය සංවිධානය කළ මේ වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් කවි කිවිඳියන් රැසක් එක් වී සිටියහ.

හදවත්වලට දැනෙන භාෂාවෙන් අමතමින් ජාතීන් අතර ඇති අනවබෝධය දුරුකිරීමේ හැකියාවක් කවියට තිබෙන බව පුත්තලමේ සිට පැමිණ සිටි ඩීකේ ජිනේන්ද්‍රසිංහ කවිය බීබීසී සංදේශයට පැවසීය.

ගල්ගමුවේ සිට පැමිණ සිටි ප්‍රේමා මුණසිංහ කිවිඳිය අදහස් දක්වමින්, සහජීවනය උදෙසා කවියන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේද යන්න රටට දර්ශනය විය යුතු බව සඳහන් කළාය.

සියලු ජාතීන් එකමුතුව ජිවත් විය යුතු බව පවසන ආනමඩුවේ සිරිල් මෙත්සිරි කවියා, අතීතයේ ජාතීන් අතර තිබූ එකමුතුව බිඳවැටීම පිළිබඳව අතිශයින්ම කණගාටුවන බවත් පැවසීය.

කවියට ප්‍රිය කරන තරුණ පරපුරක් බිහිනොවිම පිළිබඳව කණගාටුවන බව තවත් කිවිඳියක් සඳහන් කළාය.

සබැඳි විෂයයන්