බර්ලින්හි වීදියේ නිදන්නෙකුට ගිනි තැබූ හතකට දඬුවම්

  • 2016 දෙසැම්බර් 28
Image copyright EPA
Image caption ගිනි තැබීමට ලක්වූ පුද්ගලයා මෙම බැංකුවේ නිදා සිටි බවයි පැවසෙන්නේ

වීදියේ ජීවත්වන පුද්ගලයෙකුට ගිනිතැබීමට උත්සාහ කළ සරණාගතයන් හත් දෙනෙකුට මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාව මත දඬුවම් ලබාදීමට ජර්මානු බලධාරීන් විසින් පියවරගනුලැබ තිබේ.

නත්තල් දින බර්ලින් නුවර උමං දුම්රිය ස්ථානයකදී වීදියේ නිදන්නකු වෙත ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පොලීසිය විසින් නිකුත් කරනු ලැබීමෙන් පසු සැක කරුවන්ගෙන් සයදෙනෙකු පොලීසියට භාරවී ඇත.

ගිනි තැබීමට ලක්වූ පුද්ගලයාට තුවාළ සිදුවී නැතිබව වාර්තා වේ.

සාමාන්‍යයෙන් වීදියේ ජීවත්වන පුද්ගලයන්ට එල්ලවන ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් කරනු ලබන්නේ අන්ත දක්ෂිණාංශික ජර්මානු ජාතිකයන් විසිනි.

බීබීසී යෙන්