දේශපාලන පත්කිරීම් නිසා ඉන්දියානු ඔලිම්පික් කමිටුව අවුලක

  • 2016 දෙසැම්බර් 28
Image caption 2012 වසරේ දී ඉන්දියානු ඔලිම්පික් සම්මේලනය අත්හිටවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තේය

දූෂණ චෝදනාවන්ට මුහුණ දී සිටින දේශපාලකයන් දෙදෙනකුට ඉන්දියානු ඔලිම්පික් සම්මේලනයේ යාවජීව ගරු පදවි පිරිනැමීම මුල්කර ගනිමින් ව්‍යාකූල තත්වයක් උද්ගතව ඇත.

එම අවුල නිර්මාණය වුණේ දේශපාලකයන් දෙදෙනකු වන සුරේෂ් කල්මඩි සහ අබේ සිං චෞඨාලා ඉන්දියානු ඔලිම්පික් කමිටුව සඳහා නම්කරනු ලැබීමත් සමඟයි.

ඉන්දියාවේ ක්‍රීඩා ඇමති විජේ ගොඑල් ප්‍රකාශයක් කරමින් ඔවුන් දෙදෙනාගේ පත්වීම 'කිසිසේත්ම පිළිගත නොහැකි' බව කියා සිටියේය.

අදාළ පුද්ගලයන් දෙදෙනාට එරෙහිව 'ඉතා බරපතල අපරාධ සහ දූෂණ චෝදනා' එල්ල වී ඇති හෙයින් එම නාමයෝජනා භාරගත නොහැකි බවයි ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ.

මේ අතර ප්‍රකාශයක් කරන හිටපු ක්‍රීඩා ඇමති අජේ මාකන් එම පත්කිරීම් ඉවත්කර ගන්නා මෙන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

ඉන්දියානු ආණ්ඩුවේ අතපෙවීම් විශාල වශයෙන් සිදුකෙරෙන බවට චෝදනා කරමින් 2012 වසරේ දී ඉන්දියානු ඔලිම්පික් සම්මේලනය අත්හිටුවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබුණි.