අවලංගු කළ ඉන්දීය මුදල් නෝට්ටු තැන්පත්කිරීම අදින් අවසන්

  • 2016 දෙසැම්බර් 30
Image copyright Getty Images

ඉන්දීය රජය මගින් අවලංගු කරණ ලද මුදල් නෝට්ටු බැංකුවල තැන්පතු කිරීම සඳහා ජනතාවට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව ඇත.

ඉන්දියානු රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් හදිසියේ නිවේදනය කිරීමෙන් දින පනහකට පසුව එම නෝට්ටුවල නීත්‍යනුකුල භාවය අවසන් වීමට නියමිතව තිබුණි.

මෙවැනි පසුබිමක් තුළ අවලංගු කරන ලද මුදල් නෝට්ටු බැංකුවල තැන්පත් කිරීමට රජය ජනතාවට දී තිබුණු අවස්ථාව අදින් අවසන් වනු ඇත.

Image copyright Getty Images

බදු පැහැර හැරීම සහ මුල්‍යමය දූෂණ මැඩලීම සඳහා ඉන්දීය රජය මෙවැනි ක්‍රියාමාර්ගයට යොමු වූ අතර, මෙම පියවර හේතුවෙන් රට තුළ වියවුල්කාරී තත්වයක් ඇතිවිය.

බැංකුවලින් මුදල් ලබාගැනීම සහ අවලංගු කරනලද මුදල් තැන්පත් කිරීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් ඉන්දියානු බැංකු පද්ධතියේ එදිනෙදා කටයුතු පාලනය කරගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇති බව වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර