සිරියාවේ සටන්විරාමය සාර්ථක වෙන ලකුණු

  • 2016 දෙසැම්බර් 30
Image copyright Reuters
Image caption සටන් විරාමය පළ දරනු ඇති බව සිරියාවේ සිටින විශ්ලේෂකයෝ පවසති

සිරියානු රජයේ හමුදා සහ කැරලිකාර සන්නද්ධ කණ්ඩායම් අතර මුළු රටටම බලපාන පරිදි ඇතිකරගත් සටන් විරාමය බොහෝ ප්‍රදේශවල හොඳින් ක්‍රියාත්මක වන බව සිරියාවෙන් වාර්තා වේ.

කෙසේවුවද සමහර ප්‍රදේශවල ගැටුම් කිහිපයක් පමණක් වාර්තා වී තිබෙන බව නිරීක්ෂකයෝ පවසති.

සිරියාව තුළ පවතින සිවිල් යුද්ධය අවසාන කිරීමේ අරමුණින්, මෙම සටන් විරාමය ඇතිකර ගැනීම පිණිස මුලික වී කටයුතු කළේ රුසියාව සහ තුර්කියයි.

ඒ සඳහා ඉරානයේ සහයෝගය ද ලැබුණු බව වාර්තාවේ.

සටන් විරාමය පළ දරනු ඇති බව සිරියාවේ රජයේ පාලනයේ පවතින ස්පුට්නික් මාධ්ය ආයතනයේ දේශපාලන විශ්ලේෂකයෙකු වන දිමිත්රි බාබිච් බීබීසී ලෝක සේවයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර