ඉන්දියාවේ පතල් අනතුර: මළ සිරුරු දොළහක් සොයාගැනෙයි

  • 2016 දෙසැම්බර් 31
Image copyright AFP
Image caption අනතුර සිදුවන මොහොතේ සේවකයන් අසූ දෙනෙකු පතල තුළ සිටි බැවින් විපතට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ

පසුගිය බ්‍රහස්පතින්දා නැගෙනහිර ඉන්දියාවේ ගල් අඟුරු පතලක් තුළ පස්කන්දක් කඩාවැටී සිදුවූ අනතුරින් මරණයට පත් පතල්සේවකයන් දොළොස් දෙනෙකුගේ මළ සිරුරු මේවනවිට සොයාගෙන ඇත.

තවත් දෙදෙනෙකු ඉතා බරපතළ ලෙස තුවාල ලබා සිටින අතර අවම වශයෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකුවත් දිවි ගලවාගෙන ඇති බව පොලීසිය පවසයි.

කෙසේනමුත් තවත් මළ සිරුරු පස්කන්දට යටවී ඇති බවට සැකකෙරෙයි.

Image copyright AFP

ඉන්දියානු මාධ්‍ය වාර්තාකරණ ආකාරයට ජාර්කාන්ඩ් පළාත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ අනතුර සිදුවන මොහොතේ සේවකයන් අසූ දෙනෙකු පතල තුළ සිටි බැවින් විපතට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.

මේ අතර පතල තුළ සේවක ආරක්ෂාව පිලිබඳ තත්වය නොසලකා හැර තිබීම හේතුවෙන් අදාළ පුදගලයන්ට නීතිමගින් කටයුතු කරන බව බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්