තුර්කියේ රාත්‍රි සමාජ ශාලාවකට ප්‍රහාරයක්

Police secure the area after a gun attack on Reina, a popular night club in Istanbul Image copyright EPA

ඉස්තාම්බුල් නුවර රාත්‍රි සමාජ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් විදේශිකයන් පහළොස් දෙනෙකු ඇතුළු තිස් නව දෙනෙකු මරුමුවට පත් වී ඇති බව තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

තුර්කි වේලාවෙන් මධ්‍යම රාත්‍රි 01.30 ට පමණ තුවක්කුකරුවෙකු විසින් 'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාව වෙත විවෘත වෙඩි තැබීමක් සිදු කරනු ලැබ ඇත.

තුවක්කුකරු හුදකලාව පැමිණ ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකවන බව එරට බලධාරීහු කියා සිටියහ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් හැටනව දෙනෙකු රෝහල්ගත කොට ඇති අතර ඉන් සිව් දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright AP
Image caption ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ හත්සිය දෙනෙකුට ආසන්න පිරිසක් සමාජ ශාලාව තුළ සිටි බව වාර්තා වේ
Image copyright AFP

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් කියා සිටියේ ජන ජීවිතය වියවුල් කිරීමට ප්‍රහාරකයන් උත්සාහ ගන්නා බවය.

"ත්‍රස්තවාදයට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවටත්" ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර