අලෙපෝ: "බෝම්බ හෙලුවත් ත්‍රස්තවාදයෙන් නිදහස්"

Screen grab from video provided by the Aleppo News Network shows smoke rising following an air strike that hit insurgents positions in eastern neighbourhoods of Aleppo, Syria, on 9 December 2016. Image copyright AP

අලෙපෝ නගරයේ නැගෙනහිර කලාපය වෙත කෙරුණු බෝම්බ හෙළීම් සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් සාධාරණීකරණය කළේය.

කැරලිකරුවන් අත පැවති අලෙපෝ නගරයේ නැගෙනහිර කලාපය සිරියානු හමුදා විසින් යළි සියතට ගනු ලැබුවේ පසුගිය මාසයේදීය.

"සමහර වෙලාවට මෙවැනි දේවල්වලට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් අවසානයේ ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් නිදහස ලැබුවා," ප්‍රංශ මාධ්‍ය වෙත දහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

අලෙපෝ මෙහෙයුම්වල අවසාන භාගයේදී සිරියානු ආණ්ඩුවේ හමුදා සහ ඊට සහාය දක්වන මිත්‍ර පාර්ශව විසින් සාමාන්‍ය වැසියන්ගෙන් පිරී පැවතුණු ප්‍රදේශ වෙත ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලබන්නේ යුද අපරාධයක් ලෙසිනි.

Image copyright Reuters
Image caption වසර හයකට ආසන්න කාලයක් පැවති ගැටුම්වලින් විනාශයට පත් වී ඇති අලෙපෝ නගරය

ආණ්ඩු විරෝධී කැරලිකරුවන්ට එරෙහිව සිරියානු ආණ්ඩුව දියත් කළ ගුවන් මෙහෙයුම් සඳහා 2015 වසරේ සිට රුසියාවේ සහාය හිමි විය.

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි. ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.

ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්