අධිකරණයට ගිය මුස්ලිම් දැරියන්ගේ පිහිනුම් පාඩම

  • 2017 ජනවාරි 10
අධිකරණයට ගිය මුස්ලිම් දැරියන්ගේ පිහිනුම් පාඩම Image copyright Getty Images

මිශ්‍ර පාසලක ඉගනුම ලබන සිය දියණියන් පිරිමි පාසල් දරුවන් සමග පිහිනුම් පුහුණුවීම්වල යෙදවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ වෙසෙන මුස්ලිම් මාපිය යුවළක් විසින් මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් පරාජයට පත් වී තිබේ.

මල්වර වියට නොපැමිණි දැරියන් පිරිමි දරුවන් සමග එක් පිහිනුම් තටාකයක පුහුණු කටයුතු සඳහා යෙදවීම සිය ආගමට විරුද්ධ බව ස්විට්සර්ලන්තයේ පදිංචි අදාළ තුර්කි ජාතික දෙමව්පියෝ පවසති.

අනිවාර්ය ඉගැනුම් ආගමික නිදහසට බාධාවක් විය හැකි බව තමන් පිළිගන්නා නමුත් විශේෂයෙන්ම විදේශීය සම්භවයක් ඇති දරුවන් සැළකීමේදී සමාජ ඒකාබද්ධතාව සම්බන්ධයෙන් අදාළ පාසල විශේෂ කාර්යභාරයක් ඉටුකර ඇතැයි විනිසුරුවරුන් විසින් පෙන්වා දෙනු ලැබීය.

එය හුදෙක් පිහිනුම් පාඩමක් පමණක් නොවන බව කියා සිටි විනිසුරු මඩුල්ල මුස්ලිම් සිසුවියන්ට හිස සහ ශරීරය වැසෙන පරිදි විශේෂයෙන් නිර්මාණය වී ඇති බුර්කිනි ඇඟලීමට පාසල විසින් අවස්ථාව දෙනු ලැබ ඇති බව ද පෙන්වා දී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර