මොරොක්කෝව 'බුර්කාවට' වැට බඳී

  • 2017 ජනවාරි 11
Image copyright AFP
Image caption මේ සම්බන්ධයෙන් මොරොක්කෝ රජය නිල නිවේදනයක් නිකුත්කර නැත

බුර්කා ඇඳුම අලෙවිය, නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එරට වාර්තාවල දැක්වෙන පරිදි පැය 48ක් ඇතුළත තමන් සතු ඇඳුම් තොග අවසන් කරන ලෙස ව්‍යාපාරිකයන් වෙත ලිපි යවා ඇත.

මේ සම්බන්ධයෙන් මොරොක්කෝ රජයේ නිල නිවේදනයක් නොවුව ද, නම හෙළි නොකළ නිලධාරියකු පෙන්වා දී තිබෙන්නේ 'ආරක්ෂක කරුණු' මත එම තීරණයට එළැඹ ඇති බවය.

Image copyright Reuters
Image caption බුර්කාව හැඳි ඇෆ්ඝන් කාන්තාවන්

කෙසේ වෙතත් බුර්කාව තහනම් කිරීමට මොරොක්කෝව අපේක්ෂා කරන්නේද යන්න පැහැදිලි නැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුවත් වෙබ් අඩවියකට පවසා තිබුනේ සිය අපරාධ රිසි සේ කරගෙන යාම සඳහා ඇතැමුන් මෙම ඇඳුම භාවිත කරන බවය.

මුළු සිරුර හා මුහුණ වැසෙන බුර්කාව මොරොක්කෝව පුරා එතරම් පුළුල්ව පැතිරී නොගිය ඇඳුමක්වන අතර, බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුම වන්නේ මුහුණ සම්පුර්ණයෙන් ආවරණය නොවන හිජාබ් ය.

කෙසේවුවද, 6 වෙනි මොහොමඩ් රජු නායකත්වය දරන උතුරු අප්‍රිකානු රාජධානියක් වන මොරොක්කෝව තුළ බුර්කාව පිළිබඳව ගෙන ඇති නව තීරණය සම්බන්ධයෙන් බෙදුනු අදහස් මතුවෙමින් ඇතැයි වාර්තා වේ.