ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න -ඔබාමා

  • 2017 ජනවාරි 11
Image copyright Reuters
Image caption "වඩා යහපත් සහ වඩා ශක්තිමත් ඇමරිකාවක්"

ජනාධිපති බරක් ඔබාමා සමුගැනීමේ කතාව පවත්වමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නා මෙන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

සිය සමුගැනීමේ කතාව පැවැත්වීම සඳහා ජනාධිපති ඔබාමා විසින් තෝරා ගනු ලැබුවේ ඔහුගේ දේශපාලන දිවිය ආරම්භ කළ චිකාගෝ නුවර ය.

දහස් ගණනක් ආධාරකරුවන් අමතමින් ඔහු කියා සිටියේ මීට අටවසරකට පෙර තිබූ තත්වයට වඩා තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වඩා යහපත් සහ වඩා ශක්තිමත් ඇමරිකාවක් මේවනවිට පවතින බවය.

Image copyright Reuters
Image caption උප ජනපති ජෝ බයිඩන්ට සමු දෙමින්

පනස්පස් හැවිරිදි බරක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පළමුවරට තෝරා පත්කර ගනු ලැබුවේ 2008 වසරේදීය.

තවත් වසර හතරක් සඳහා ජනාධිපති ධුරයේ රැඳී සිටින ලෙසට රැස්ව සිටි ආධාරකරුවන් හඬ නගමින් ඉල්ලා සිටිනවිට ජනාධිපති ඔබාමා සිනහ මුසු මුහුණින් යුතුව කියා සිටියේ තමන්ට එය කළ නොහැකි බවය.

Image copyright Getty Images
Image caption ජනපති වූ පළමු දිනයේ

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවතාවක් පමණි.

මීළඟ ජනාධිපතිවරවා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනවාරි 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය.