කිර්ගිස්තානයේ ගුවන් අනතුරක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කිර්ගිස්තානයේ ගුවන් අනතුරක්

  • 2017 ජනවාරි 16

කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර මනාස් ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි නිවාස පෙළක් මතට තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහක ගුවන් යානයක් කඩා වැටී තිබේ.

අනතුරින් පුද්ගලයන් තිස් හත් දෙනෙකු මරුමුවට පත් වී ඇති බව කිර්ගීස් බලධාරීහු පවසති.

මරුමුවට පත් පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු ගුවන් තොටුපල ආසන්නයේ විසූ ගම්වැසියන්වන බවත් ඔවුහු කියා සිටියහ.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සහ දරුවන් ද මරුමුවට පත් පිරිස අතර වෙති.

අනතුර සිදුවන අවස්ථාවේ බෝයින් 747 වර්ගයේ යානය හොංකොං සිට බිෂ්කෙක් අගනුවර බලා පියාසර කරමින් තිබිණි.

එම අවස්ථාවේ දැඩි මීදුම් සහිත කාලගුණයක් පැවත ඇති නමුත් අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.