ඉන්දියාවේ දුම්රිය අනතුරකින් තිස් හයක් මරුට

  • 2017 ජනවාරි 22
Scene of the crash

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිස් හය දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

අනතුරින් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අසල්වැසි ඔරිස්සා ප්‍රාන්තය වෙත ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම සහ මැදිරි නවයක් පීලි පැන ඇති බව බලධාරීහු කියා සිටියහ.

සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් වෙත ළඟා වීමට සහන කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

Image caption අනතුරට පත් දුම්රියේ මැදිරිවලට දැඩි හානි සිදු වී තිබේ

දුම්රිය පීලි ස්ථාන දෙකකින් කැඩී වෙන් වී තිබූ බව දුම්රිය බලධාරීන් කියා සිටි අතර එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක පළ කෙරේ.

අනතුර සිදු වූ ප්‍රදේශය තුළ මාවෝවාදී කැරලිකරුවන් ක්‍රියාත්මක නමුත් ඉන්දීය ආරක්ෂක අංශ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඉලක්ක බවට පත් වෙති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර