ට්‍රම්ප් සහ තෙරෙසාගේ දෑත් එකතුවේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ට්‍රම්ප් සහ තෙරේසාගේ දෑත් එකතුවේ

  • 2017 ජනවාරි 28

එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දෙදෙනා ධවල මන්දිරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මොහොතකට දෑත් අල්ලාගත් ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන් විය.

ඇමෙරිකාවේ නව ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී හමු වූ ප්‍රථම විදේශ නායකයා බ්‍රිතාන්‍ය අගමැතිනිනියි.

ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඇමතූ නායකයන් දෙදෙනා, නේටෝ සංවිධානය ආරක්ෂා කරගැනීම පිණිස කැපවන බවට ප්‍රතිඥා දුන්හ.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීමෙන් පසුව දෙපාර්ශවය අතර අලුත් වෙළෙඳ ගනුදෙනුවකට ඇති අවස්ථා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බවත් නායකයින් දෙපළ පැවසූහ.