පාකිස්තාන කල්ලි නායකයෙකු පොලිස් වෙඩිපහරින් මරුට

  • 2017 පෙබරවාරි 2
Image copyright AFP
Image caption මෑතක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පකිස්තානය පුරා සෝදිසි මෙහෙයුම් සිදුවේ

පාකිස්තාන් පොලීසිය එරට දරුණුතම කල්ලි නායකයකු මරාදමා ඇතිබව වාර්තා වෙයි.

'බාබා ලාද්ලා' නමින්ද ප්‍රසිද්ධව සිටි නූර් මොහම්මඩ් සහ ඔහු සමග සිටි තවත් දෙදෙනෙකු කරච්චි නගරයේ 'ලියාරි' ප්‍රදේශයේ දී වෙඩිතබා මරාදමන ලදබව එම වාර්තාවන්හි දැක්වෙයි.

ඔත්තුවක් අනුව ආරක්ෂක හමුදා ස්ථානයක් සෝදිසි කිරීමට පැමිණි මොහොතේ එහි වූ සන්නද්ධ කල්ලිය පොලිසියට වෙඩිතබමින් අත්බෝම්බ වලින් පහරදීමත් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවට මිනිත්තු තිහක පමණ කාලයක් ගතවිය.

'බාබා ලාද්ලා' මිනීමැරුම්, වධහිංසා කිරීම්, කප්පම් ගැනීම් සහ පැහැරගෙනයාම් ඇතුළු හැත්තෑවකට අධික චෝදනා සඳහා පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර