පැහැරගත් තරුණයන්ගේ මළසිරුරු හමුවෙයි

  • 2017 පෙබරවාරි 5
Image caption ප්‍රදේශයේ ගොවිපළක කම්කරුවන්, ටැක්සි රියැදුරන් සහ යතුරුපැදිකරුවන් වූ මෙම තරුණයන් පැහැරගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත

පසුගිය ජනවාරි 31 වෙනි දින හොන්ඩියුරාස් රාජ්‍යයේදී පැහැර ගැනීමට ලක්වුණු ගැටවර වියේ තරුණයන් සිව්දෙනකුගේ මළසිරුරු හමු වූ බව ගිනිනිවන හමුදාව පවසයි.

පහළොවේ සිට දහනවය දක්වා වයස් කාණ්ඩවලට අයිති එම තරුණයන්ගේ මළසිරුරු ප්ලාස්ටික් ගෝනි වල දමා යෝරෝ ප්‍රාන්තයේ උළුවා නදියේ ඉවුරු අසළ දමාගොස් තිබුණි.

ගෝනි තුළ තිබූ එම මළසිරුරුවල දෑත් පිටුපසට කොට බැඳ දමා තිබූ බව වාර්තාවල සඳහන්වේ.

මළසිරුරු හමුවී තිබුණේ සන්නද්ධ පිරිසක් විසින් එම තරුණයන් පැහැරගෙන යනු ලැබූ ලාස් මිනාස් නමැති ගමේ පිහිටි නිවසේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරකින් පිහිටි ස්ථානයකදීය.

ප්‍රදේශයේ ගොවිපළක කම්කරුවන්, ටැක්සි රියැදුරන් සහ යතුරුපැදිකරුවන් වූ මෙම තරුණයන් පැහැරගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.