ඉන්දුනීසියාවේ නාය යෑමේ දොළහක් මරුට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දුනීසියාවේ නායයාමකින් දොළහක් මරුට

  • 2017 පෙබරවාරි 10

ඉන්දුනීසියාවේ බාලි දූපතේ ඇතිවූ නායයාමකින් අඩුතරමින් ජීවිත දොළහක් විනාශ විය.

නැගෙනහිර 'බංග්ලි' දිස්ති‍්‍රක්කයේ ගම් තුනක් නායයාමට ගොදුරු වූ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

මරණයට පත් සියලු දෙනාගේ සිරුරු සොයාගත් බව බේරාගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් වාර්තා කර ඇත.

දින කීපයක් තිස්සේ ඇද වැටුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ තවත් නායයාම් සිදුවිය හැකි බවට බලධාරීහු ප්‍රදේශයේ ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.