'වාහන ගිලින මහ පාරක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'වාහන ගිලින මහ පාරක්'

  • 2017 පෙබරවාරි 19

ලොස් ඇන්ජලීස් නගරයේ මහ මාර්ගයක හදිසියේ හටගත් ගිලා බැසීමක් හේතුවෙන් නිර්මාණය වූ විශාල වලකට ඇදවැටීමෙන් මෝටර්රථ දෙකක් අනතුරට ලක් වුණි.

ඇමරිකානු රුපවාහිනී නාලිකා ඔස්සේ එය සජීවීව විකාශය කෙරිණි.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි ගිනි නිවන හමුදා කණ්ඩායමක් උඩු යටිකුරු වී තිබුණු මෝටර් රථය තුළ සිරවී සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනීමට සමත් විය.

ගලවා ගැනීමේ කණ්ඩායම මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ මහ මාර්ගයේ ගිලා බැසීමෙන් නිර්මාණය වූ වලට වේගයෙන් ජලය ගලා එමින් තිබූ බවය.