කිම් ජොන් නාම් ඝාතනය: තානාපති නිලධාරියෙකු ගැන සැකයක්

  • 2017 පෙබරවාරි 22
Image caption කිම් ජොන් නාම්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදර කිම් ජොන් නාම් මරාදැමීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස උතුරු කොරියානු තානාපති නිලධාරියෙකු නම් කර තිබේ.

හයෝන් ක්වාන් සොංග් නම් එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා හමුවීම සඳහා ඉඩ සලසා දෙන ලෙස උතුරු කොරියානු තානාපති කාර්යාලයේ තමන් ඉල්ලා ඇති බව මැලේසියානු පොලිස් ප්‍රධානියා පවසයි.

උතුරු කොරියානු තානාපතිවරයා පරීක්ෂණයට සහය නොදක්වන්නේනම් සැකකරු පොලිසිය වෙත කැඳවීමට කටයුතු කරන බව පොලිසිය පැවසීය.

තවත් දෙදෙනෙක්

මෙම මරණය පිළිබඳව සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු සොයමින් සිටින බව මැලේසියානු බලධාරීහු පවසති.

ඉන් එක් අයෙකු උතුරු කොරියානු රාජ්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයෙකි.

මේ අතරතුර, කිම් ජොන් නාම් ගේ මළසිරුර තැන්පත් කර ඇති මෘතශරීරාගාරය බිඳ ඊට රහසිගතව ඇතුළුවීමට කිසියම් පිරිසක් උත්සාහ දරා ඇති බව පොලිසිය පැවසීය.