හොංකොං හිටපු නායකයාට සිර දඬුවම්

  • 2017 පෙබරවාරි 22
Image copyright Reuters
Image caption හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජං

විෂමාචාර චෝදනාවකට වරදකරු වූ, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජංට මාස විස්සක සිර දඬුවමක් නියම වෙයි.

ඔහු බලයේ සිටි කාලය ඇතුළත චීනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් සම්බන්ධයෙන් විෂමාචාරයක් සිදුකර ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ.

Image copyright AP
Image caption බන්ධනාගාර රථයකින් උසාවියේ සිට සිර මැදිරියට

වසර 2005 සිට 2012 දක්වා හොංකොං කලාපය පාලනය කරනු ලැබුවේ ඩොනල්ඩ් ජං විසිනි.

මෙතෙක් හොංකොංහි වංචා හා දූෂණ චෝදනා පිළිබඳව පැවැත්වුණු නඩු විභාගයකට මුහුණදුන් ජ්‍යෙෂ්ඨතම බලධරයා මොහුය.