මෙක්සිකානු සංක්‍රමණිකයන්ගේ පිහිටට විශ්වවිද්‍යාලයක්

  • 2017 පෙබරවාරි 26
Image caption මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙන්කෙරෙන දේශ සීමා මායිමේ කොටසකි මේ. සංක්‍රමණිකයන්ට පැමිණිය නොහැකිවනසේ මෙම සීමාව ඔස්සේ තාප්පයක් බඳින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිළියන ගණනක්වූ මෙක්සිකානු සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මෙක්සිකෝවේ විශාලතම විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත.

'මෙක්සිකෝ ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලය'(UNAM) නිවේදනය කළේ ඇමරිකාව තුළ පිහිටුවා ඇති මධ්‍යස්ථාන පහක් ඔස්සේ දසදහස් ගණන් මෙක්සිකානු සංක්‍රමණිකයන්ට නීති ආධාර සැපයීමට කටයුතු කරන බවය.

විශේෂයෙන්ම 'සිහින දකින්නන්' නමින් හැඳින්වෙන ලමාකාලයේදී ඇමරිකාවට පැමිණි මෙක්සිකානු ජාතිකයන්ට මෙසේ නීතිආධාර ලබාදෙන බව නිවේදනයේ දැක්වේ.

මෙයට අමතරව සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාගැනීමට ආධාර කරන බව පවසන විශ්වවිද්‍යාලය, ජනවර්ගය හේතුවෙන් අසාධාරණයට ලක්කිරීම, නීතිමය අයිතිවාසිකම් සහ ප්‍රජා සංවිධානය පිලිබඳ පඨමාලා එම සංක්‍රමණිකයන් සඳහා අරම්භ කිරීමට අපේක්ෂා කරන බවද පවසයි.

මෙම වැඩසටහන මෙක්සිකානු ජාතික ප්‍රකෝටිපතියෙකු වන කාර්ලෝස් ස්ලිම් ගේ 'මානව හිතවාදී පදනම' ලබාදෙන ආධාර මත ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යලය වැඩිදුරටත් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර