ඔස්කාර් උළෙලේ දී පටලැවිල්ලක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔස්කාර් උළෙලේ දී පටලැවිල්ලක්

  • 2017 පෙබරවාරි 27

හොඳම සිනමා නිර්මාණය ලෙස වෙනත් චිත්‍රපටයක නමක් නිවේදනය කිරීම පිළිබඳව ඔස්කාර් සම්මාන ප්‍රදානයේ ඡන්ද විමසීම් කටයුතුවල වගකීම උසුලන ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් සමාගම සමාව අයැද සිටියේය.

සම්මාන උළෙලේ නිවේදකයන් අතට වැරදි ලියුම් කවරය ලබාදී තිබුණු බව පවසන සමාගම, එය සිදුවූයේ කෙසේ දැයි විමර්ශන පවත්වන බව ද සඳහන් කළේය.

'ලා ලා ලෑන්ඩ්' සිනමා පටය වසරේ හොඳම චිත්‍රපටය ලෙස මුලින් නිවේදනය කෙරුණු අතර ජයග්‍රාහකයන්, එම චිත්‍රපටයේ චරිත නිරූපණය කළ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායමේ පිරිස් තම ජයග්‍රණය පිළිබඳ අදහස් දැක්වමින් සිටියදී එයට බාධා කළ නිෂ්පාදකවරයෙක් ප්‍රකාශ කළේ සැබවින්ම ජයග්‍රහණය කර ඇත්තේ 'මූන් ලයිට්' චිත්‍රපටය බවය.

නිහතමානී ආකාරයෙන් සම්මානය ආපසු ලබාදුන් ආකාරය පිළිබඳව 'මූන් ලයිට්' චිත්‍රපටයේ තිරනාටක රචක ටරෙල් ඇල්වින් මැක්‍රෙනි 'ලා ලා ලෑන්ඩ්' සිනමා කණ්ඩායමට ස්තුතිය පුද කළේය.